Latest News Sinhala

Huawei Nova 7 SE සමඟ 5G තාක්ෂණය සදහා සුදානම් වන්න

5G තාක්‍ෂණයේ පුරෝගාමියෙකු මෙන්ම ගෝලීය ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ  නවොත්පාදකයා වන Huawei විසින් පළමු වරට මධ්‍යම මිල මට්ටමේ (Mid Range ) 5G ස්මාර්ට් ජංගම දුරකථනය එළිදක්වන ලදී. 5G නව අත්දැකීම බලාපොරොත්තුවෙන් සිටින ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන් සඳහා අසමසම කාර්ය සාධනයක් ලබා දීම සඳහා Huawei Nova 7 SE ඉතාමත් උසස් තත්වයේ  Kirin 820 5G SoC චිප් එකක් යොදාගෙන තිබෙනවා.

නව පරිශීලකයාගේ අවධානය දිනා ගන්නා තවත් එක් කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ  Huawei Nova 7 SE හි display එකයි. අඟල් 6.5 ක Punch Full view display මඟින් ඉතා හොද දර්ශන තිරයක් ලබාදෙන අතර එය 90.3% screen-to-body අනුපාතයකින් යුක්ත වේ . ඉතා අනර්ඝ නිමාවකින් යුතු මෙම smart දුරකථනය Space Silver, Crush Green සහ  Midsummer Purple යන මෙම ආකර්ශණිය වර්ණ ත්‍රිත්වයෙන්ම ලබාගත හැක.

Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ප්‍රධාන කැමරාව 64MP high-resolution lens එකකින්ද, 8MP ultra-wide-angle lens එකකින්ද, 2MP bokeh lens එකකින් සහ 2MP macro lens එකකින් සමන්විත ultra-high-resolution AI Quad කැමරාවකින් යුක්ත වේ. මෙම කාච හතරේ සුසංයෝගය නිසා ඉතා උසස් ජායාරුපකරණ හැකියාවක් පරිශීලකයන්ට හිමිවේ.

Huawei NOVA 7 SE ස්මාර්ට් දුරකතනයේ ඇති 64MP ultra-high-resolution මුලික කැමරාවේ Aperture අගය 1.8 අගයක් ගන්නා අතර ඒ සඳහා 1/1.7 inches image sensor එකක් භාවිතා කර තිබේ . මෙමගින් කැමරාව හරහා ලබා ගන්නා ඡායාරූප විශාලනය කර බැලීමේදී ඒවායේ කුඩාම details පවා වඩාත් පැහැදිලිව එහි විස්තර බලා ගත හැක.

Huawei NOVA 7 SE ජංගම දුරකථනයේ ඇති super night mode selfie තාක්ෂණය සහ BM3D DSLR level image noise reduction තාක්ෂණය හේතුවෙන් ඕනැම පරිසර තත්වයක් යටතේදී ලබා ගන්නා ඡායාරූප වල ඇති පැහැදිලි බව ඉතා ඉහල වේ .

තවද මෙම ස්මාර්ට් ජංගම දුරකථනය 4K high-definition video, DUAL-VIEW Video, super slow motion සහ time-lapse mode ඇතුළු තවත් නිර්මාණශීලී වීඩියෝ දර්ශන පටිගත කිරීමේ අවස්ථාව හිමිකරදේ.Huawei NOVA 7 SE ජංගම දුරකථනයට තම 64MP ප්‍රධාන කැමරාව භාවිතා කර 4K resolution වීඩියෝ (30FPS frame rate එකෙන්) රූපගත කිරීමේ හැකියාව ඇති අතර AI editing පහසුකම නිසා පහසුවෙන් සහ ඉක්මනින් videos සංස්කරණය කිරීමේ හැකියාවද හිමිවේ.

5G තාක්ෂණය සහිත Huawei NOVA 7 SE ස්මාර්ට් දුරකතනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ Huawei Devices ප්‍රධානී පීටර් ලියු මහතා මෙසේ පැවසීය. “ NOVA 7 SE යනු 5G ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්. 5G සෑම කෙනෙකුටම ලබා ගත හැකි වන පරිදි පළමු මධ්‍යම මට්ටමේ 5G ස්මාර්ට් ජංගම දුරකථනය හඳුන්වා දීමෙන් Huawei නිවැරදි පියවර ගෙන තිබෙනවා .සියළුම ජංගම දුරකථන පරිශීලකයින්ට 5G ප්‍රවේශය ලබා දීමට පුරෝගාමී වීම ගැන අප ආඩම්බරයි වනවා”

Kirin 820 5G SoC චිප් එක මගින් බල ගැන්වෙන Huawei NOVA 7 SE විශිෂ්ට වේගයක් සපයන අතර එය දුරකථන ක්‍රීඩාවල යෙදෙන්නන් හට මනා පහසුවක් හා වාසියක් වේ. උසස් වීඩියෝ තත්ත්වයෙන් යුත්  ක්‍රීඩා කළත් Nova 7SE  යනු කිසිදු ප්‍රමාදයකින් හෝ හිරවිමකින් තොරව ඉහල  කාර්යසාධනයක් සහිත ක්‍රියාකරන පරිපූර්ණ ස්මාර්ට් දුරකතනයක් වේ . ඊට අමතරව  ගීත , apps සහ චිත්‍රපට ඉතා වේගයෙන් බාගත කිරීමේ සහ  යාවත්කාලීන කිරීම් හැකියාව පරිශීලකයාට හිමිවීම තවත් එක් විශේෂ හේතුවකි. දුරකතනයක වේගය සහ ක්‍රියාකාරිත්වය තීරණය කරන තවත් එක සාධකයක් වන්නේ එහි memory ධාරිතාවයි .මෙම Huawei Nova 7SE හි අන්තර්ගත 8GB RAM එක හේතුවෙන් වඩාත් තීව්‍ර බහු කාර්යයන් පවා හැසිරවිය හැකි අතර 128GB ROM මගින් බාගත කළ Apps, ඡායාරූප, වීඩියෝ සහ ක්‍රීඩා ගබඩා කිරීමට ප්‍රමාණවත් ඉඩක් ලබා දේ. සුමට 5G අත්දැකීමක් ගෙන ඒම සඳහා  Nova 7SE  හි නවතම GPU Turbo  තාක්ෂණය සහ යාවත්කාලින කරන ලද AppAssistant ද උපකාර වනවා.

Huawei Nova 7 SE  , 4000mAh බලවත් බැටරියකින් සමන්විත වේ. එහි විශාලබැටරිය නිසා වැඩි වේලාවක් බාධාවකින් තොරව අන්තර්ජාලයේ සැරිසැරීම , දුරකථන ක්‍රීඩාවල නිරතවීම සහ video බැලීමේ හැකියාව හිමිවේ . මිනිත්තු 30 ක් ඇතුළත බැටරිය 70% දක්වා ආරෝපණය කළ හැකි 40W Huawei SuperCharge තාක්ෂණයද මෙම දුරකතනයේ ආකර්ෂණිය බව තවත් වැඩි කරයි.

Huawei Nova 7 SE සිංගර් ප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් හදුන්වාදෙන රු.64,999 මිලකට ලබාගත හැකිය. පාරිභෝගිකයින්ට විශේෂ පහසු ගෙවීම් ක්‍රමද සකසා ගත හැක. මිට අමතරව තෝරාගත් ජංගම දුරකථන සැපයුම්කරුවන්ගෙන් 100GB නොමිලේ data සහ සෑම Nova 7SE මිලදී ගැනීමක් සමඟම නොමිලේ තෑගි ලබා ගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *