Latest News Sinhala

VMware ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර වේගවත් කිරීමට අභ්‍යන්තර ආරක්ෂණ විසඳුම් සපයයි

ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් නංවමින්, ව්‍යාපාර නව මගකට ගැනීම සඳහා  නිරතුරුවම කටයුතු කරන  ව්‍යවසාය මෘදුකාංග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන vmware ආයතනය  එහි මෘදුකාංග ආරක්ෂණ පද්ධතිය  දියුණු තව දුරටත් වැඩි දියුණු කළ බව  දැනුම් දෙයි. එමගින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්ට, වත්මන් ඩිජිටල් නවෝත්පාදනය වන clouds ඔස්සේ  ස්වකීය ව්‍යාපාර මෘදුකාංගයන්හි ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වැඩි දියුණු කළ VWware මෘදුකාංග යොදාගැනීමට හැකියාව සලසා තිබේ.

එමෙන්ම  ව්‍යවසායන්හි අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙන්ම, නවතම මෘදුකාංග සමගින් අභ්‍යන්තරික ශ්‍රම බලකාය බල ගැන්වීමට ද ආයතන වලට හැකියාව සැලසේ. වැඩිදියුණු කළ මෘදුකාංග  හරහා ඕනෑම cloud අවකාශයක් ඔස්සේ ඕනෑම යෙදවුමක් වෙත ආරක්ෂිතව ප්‍රවේශ වීමට මෙන්ම, ඕනෑම උපාංගයක් වෙත මෘදුකාංග ආරක්ෂිතව යැවීමටද  හැකියාව සැලසෙන  බැවින් අනාගත ව්‍යවසාය කෙරෙහි  VWware මෘදුකාංග  මගින් සැලසෙන වාසිය සුළුපටු නොවේ.

මේ වන විට ලොව පුරා කෝවිඩ් 19 හේතුවෙන් ආයතිනික මෘදුකාංග ආරක්ෂණ පද්ධතීන් වෙත බරපතල ආරක්ෂණ තර්ජන පැන නැගී තිබේ. ලොව පුරා ආයතනික ශ්‍රම බලකායන් විවිධ උපාංග මගින්  දුරස්ථව රාජකාරී කිරීම නිසාම එලෙස ගෝලීය සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම  ඉතා ඉහළ අගයක් ගෙන තිබෙන බව සමීක්ෂණ වාර්තා මගින්ද හෙළි වී තිබේ. VMware Carbon Black’s Global Threat Report නම් වාර්තාවට අනුව අද වන විට කෝවිඩ් 19 හේතුවෙන් ආයතනයන්හි අභ්‍යන්තර ආරක්ෂණ මෘදුකාංග පද්ධතීන් වෙත එවැනි ගෝලීය සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම වැඩි වී ඇතැයි හෙළි කර තිබේ. එම වාර්තාව මගින් සමීක්ෂණයට ලක් කෙරුණු ජාත්‍යන්තර ආරක්ෂක වෘත්තිකයිනගෙන් 91% ක් එවැනි සයිබර් ප්‍රහාර එල්ල වීමට බලපාන ප්‍රධාන කරුණ ලෙසින් පෙන්වා දී ඇත්තේ, නිවෙස්වල සිට කාර්යාල කටයුතු කිරීමයි.  එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක් වූවන්ගෙන් 32% ක පිරිසක් සයිබර් ආරක්ෂණ තර්ජන පිළිබඳ  නිරීක්ෂණයන්හි අඩුවක් ඇති බව ද, ඊට සහභාගී වූවන්ගෙන් හතරෙන් එකක් කටත් වැඩි පිරිසක් එනම්, 28%  ක ප්‍රතිශතයක් ශ්‍රම බලකායේ දුරස්ථභාවය මීට හේතුව ලෙසින් පෙන්වා දී තිබිණ.

ලොව පුරා මෙලෙස අධික ලෙස ව්‍යාප්ත වුණු ශ්‍රම බලකායන්ගෙන් යුත් ව්‍යාපාරික පරිසරයක් තුළ, ව්‍යාපාර වෙත එල්ල වන  සයිබර් ප්‍රහාර, කඩාකප්පල්කාරී ක්‍රියාවන් හා ආක්‍රමණය නැවැත්වීම සඳහා ආයතන අන් කවරදාටත් වඩා උපක්‍රමශීලී ලෙසින් හා තාක්ෂණික ආරක්ෂණ ශිල්ප ක්‍රම භාවිතා කරමින්  මෘදුකාංග ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු වේ.

“ඉතාමත් අවිනිශ්චිත ආර්ථික මට්ටමක් පවතින තත්වයක් පවතින මෙවැනි යුගයක ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් පවතින තත්ත්වයට ප්‍රතිචාර වශයෙන්  ඩිජිටල් නවෝත්පාදන වෙත වැඩියෙන් යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. ඒ හේතුවෙන් මෘදුකාංගයන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීමෙන් ව්‍යාපාරවල දිගුකාලීන පැවැත්ම සහ සාර්ථකත්වය තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.” යනුවෙන්      VWware ආයතනයේ ශ්‍රී ලංකා හා මාලදිවයින අලෙවි කළමනාකරු දේවේන්ද්‍ර මැනුවෙල් මහතා සඳහන් කරයි.

ආයතනයන්හි ඩිජිටල් පරිවර්තනය වඩාත් ශක්තිමත් කරමින්  අභ්‍යන්තර මෘදුකාංග ආරක්ෂාව  සම්බන්ධයෙන්  කැපවී,  ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පද්ධතිය ශක්තිමත් කිරීමට එම ආයතනය කැපවී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Cloud යෙදවුම් පරිවර්තනය හා යෙදවුම් නවීකරණය කරමින් පවත්වාගෙන යද්දී ව්‍යවසායන් වෙත නිරන්තරයෙන්,  ක්‍රියාත්මක කිරීමට පහසු වඩාත් ගැළපෙන, බලවත් නවීනතම ආරක්ෂක විසඳුම් යොදාගැනීමට අවශ්‍ය වේ.  VMworld 2020, මගින් VWware ශ්‍රී ලංකාවේ ව්‍යවසායන්හි පැවැත්මට හා දියුණුවට ඉවහල් වන ඩිජිටල් විසඳුම් ගණනාවක් සපයයි.  cloud, app modernization, networking, security හා digital workspace නිර්මාණය කිරීමට, යෙදවීමට මෙන්ම, කළමනාකරණය කිරීමට හා යෙදවුම් ආරක්ෂණය කිරීමට  ඉවහල් වන පරිදි  වඩාත් නම්‍යශීලී  ඩිජිටල් පදනමක් එමගින් සැපයේ.

නවතම, Vmware Carban Black මගින් Cloud Workload හඳුන්වා දෙමින් Vmware, ආයතනික නූතන කාර්යභාරයන් වඩාත් හොඳින් සුරක්ෂිත කරමින් ඉහළම පෙළේ මෘදුකාංග සම්බන්ධයෙන් ආරක්ෂණයක් සැපයීමට අපේක්ෂා කරයි. මෙම නවෝත්පාදන විසඳුම් කර්මාන්ත මුල්කරගත් ආරක්ෂක ක්‍රමවේද සමගින් ප්‍රමුඛතා අවදානම් වාර්තාකරණය හා පදනම් කාර්යභාර ඒකාබද්ධ කරයි. එමෙන්ම, පුද්ගලික හා දෙමුහුන් cloud පරිසරයක් තුළ දුරස්ථ වැඩකටයුතු  ආරක්ෂා කිරීමේ, හඳුනා ගැනීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ද එමගින් සැලසේ.Carbon black  මෘදුකාංගයන්හි, ආරක්ෂණ විශේෂඥභාවය හා VMware හි, මෘදුකාංග සම්බන්ධයෙන් ආරක්ෂාව සැලසීමේ දත්ත  මධ්‍යස්ථාන පිළිබඳ දැනුම ඒකාබද්ධ කිරීමෙන් මෙම නවතම විසඳුම හඳුන්වා දෙනු ලැබේ.

vSphere, සමග වඩාත් ඒකාබද්ධ වී ඇති VMware හි Carbon Black Cloud Workload මෘදුකාංග මගින් ආරක්ෂණ මෘදුකාංග ස්ථාපිත කිරීම සහ කළමනාකරණය ඉහළ මට්ටමකට ගෙන ඒම සහ  බහුකාර්ය ආරක්ෂණ භාවිතය සඳහා telemetry ඒකාබද්ධ කළ  ස්වයංක්‍රීය ආරක්ෂාවක් සැපයේ. මෙම ඒකාබද්ධ විසඳුම මගින්  ආරක්ෂණයට අදාළ සෑම අවස්ථාවකම  නව කාර්යය හා පවත්නා කාර්යයන් වඩා හොඳින් සුරක්ෂිත  කරගැනීමට ආරක්ෂක හා  යටිතල පහසුකම් කණ්ඩායම් වලට හැකියාව සලසන  අතර එය ආයතනයන්හි මෙහෙයුම් ක්‍රමවේද සරල කරමින් තොරතුරු තාක්ෂණ හා ආරක්ෂණය ශක්තිමත් කරයි.

ආරක්ෂක කණ්ඩායම් සඳහා  Vmware carbon black  Workload මගින්  පහසුකම් ගණනාවක් සැපයේ. එනම්, ඉහළම මට්ටමේ අවදානම් හඳුනා ගැනීමේ හැකියාව හා ක්ෂේත්‍රය තුළ පවතින පොදු  සූරාකෑම කෙරෙහි  අවධානය යොමු කිරීමට  එය උපකාරී වේ. දුරස්ථ දත්ත මධ්‍යස්ථාන වැඩිදියුණු කළ සයිබර් ප්‍රහාර හඳුනා ගැනීමට නිරතුරුවම අපොහොසත් වන අතර, එවැනි වැඩිදියුණු කළ ප්‍රහාර හඳුනාගැනීම ප්‍රතිචාර දැක්වීමද එමගින් හැකියාව සැලසේ. එවැනි අවස්ථාවක Carbon Black Cloud Workload දත්ත සම්බන්ධ ආරක්ෂාව සපයන්නේ,  අවදානම් තක්සේරුකරණය මගින් ක්ෂේත්‍රය ප්‍රමුඛ කරගත් නවතම  ප්‍රතිවයිරස, කාර්යයන් පිළිබඳ චර්යාත්මක අධීක්ෂණය මගින් සහ endpoint හඳුනාගැනීමේ සහ ප්‍රතිචාර දැක්විම වැනි කාර්යන් ඒකාබද්ධ කිරීම මගිනි.

VMware හි සහජ ප්‍රවේශය මගින්,  Virtual fabric  සඳහා ආරක්ෂාව  ගොඩනැගීම ද මෙමගින් සිදු කෙරේ. මෙම වසරේ අග Carbon Black Workload හඳුන්වා දෙමින්ථ workloads වඩාත් සුරක්ෂිත කරමින් නවතම carbon black මොඩියුලයක් හඳුන්වාදීමටද නියමිතය. එවැනි හැකියාවන් සමගින් ආරක්ෂිත කණ්ඩායම් මෘදුකාංග වෙත පාලන ප්‍රතිපත්තියත් සමඟ Kubernetes පරිසරය වඩාත් හොඳින් පාලනය කෙරෙනු ඇති.

ආයතනයන් වෙත එල්ල විය හැකි ආරක්ෂණ ගැටළු හඳුනා ගැනීම හා ප්‍රතිචාර දැක්වීම, මින් පෙර කිසිදු කලෙක මෙතරම් අභියෝගයක් ව නොපැවතිණි.  එවැනි පසුබිමක VMware මෘදුකාංග  ආරක්ෂිත මෙහෙයුම් වල අනාගතය වඩාත් තහවුරු කිරීමට සමත්ව තිබීම විශේෂත්වයකි. වර්තමානය වන විට ආයතන වලට endpoint, workload, network, user, හා application ඇතුළත්  වඩාත් පුළුල් ක්‍රමවේද  අවශ්‍ය වී තිබෙන අතර, Workload හා  application වල ස්වභාවය අනුව සයිබර් තර්ජනයන්ට මුහුණ දීම සඳහා වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක්ද අවශ්‍ය වේ. ආරක්ෂණ ගැටලු දීර්ඝ වශයෙන් හඳුනා ගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම (XDR) මගින්  endpoint සිට workload user හා network දක්වා  ඒකාබද්ධ ප්‍රවේශයක් සැපයීමෙන්  Multiple domains හරහා  මෙය  කළ හැකි වේ.

විශාල වශයෙන් ව්‍යාප්ත වුණු ශ්‍රම බලකායක් මගින් කටයුතු කිරීමේදී මෘදුකාංග ආරක්ෂණය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවේ. එවැනි විටක මතුවන ගැටලු ලෙසින්, සේවක නැවතුම්, දෘශ්‍යතාව, අනුකූලතාව සේවක ආරක්ෂාව සහ ඇතුළු තවත් බොහෝ අභියෝග ගණනාවක් හඳුනා ගෙන තිබේ. මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින්, අනාගත කාර්යයන් සාර්ථක ලෙස  ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවසාය මෘදුකාංගයන්ගේ ආරක්ෂාව අත්දැකීම් හා මෙහෙයුම් සංකීර්ණතා  ආදිය සමගින්  තොරතුරු තාක්ෂණ පරිසරය වෙත  පිවිසීම ආයතන විසින් නැවත නැවතත් සැලකිල්ලට ගන්නා කාරණයකි.

මෙම හැකියාවන් ආයතන වෙත ළඟා කර ලීම පිණිස  හඳුන්වාදුන් VMware SASE මෘදුකාංග වන Workspace Security VDI හා  Workspace Security Remote  මෘදුකාංග මගින්  මනා පිටිවහලක් සැලසේ.

මෙම නවතම  ආරක්ෂණ මෘදුකාංග මගින්, Secure Access Service  Edge,  Digital workspace හා  Endpoint security ඔස්සේ ඕනෑම cloud යෙදවුමක් මගින්  ඉහළම ආරක්ෂණයක් සහ  සරල කළමනාකරණ ක්‍රමවේදයක්  ළඟා කර ගැනීමට ආයතන වෙත හැකියාව පවති.

VMware හා Zscaler වෙතින් ව්‍යාප්ත කරන ලද workforce  හි ආරක්ෂාව පිණිස  අවසානය දක්වාම, ඒකාබද්ධ  කරන ලද නවතම විසඳුම් හඳුන්වා දෙනු ලැබිණි.  ක්ලික් කල සැණින් ඒකාබද්ධ කළ හැකි මෙම නවතම විසඳුම් පොදු ගනුදෙනුකරුවන් අභ්‍යන්තර යෙදවුම් කරා ප්‍රවේශ වීමේදී  මෘදුකාංග සම්බන්ධ Zero day  වැනි බරපතළ ප්‍රහාරවලින් වළක්වා Zero trust වැනි ආරක්ෂණ ක්‍රමවේද වෙත ප්‍රවේශ වීමේ හැකියාව  සලසයි.  

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *