Latest News Sinhala

පාරිභෝගික ජල පොම්ප අවශ්‍යතා ප්‍රශස්ත ලෙස සපුරාලීම සඳහා ඇග්‍රොමැක්ස් හා අබාන්ස් අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ජල පොම්ප විසඳුම් සැපයුම්කරුවකු වන Agromax, පාරිභෝගික භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් දැවැන්තයකු වන අබාන්ස් හා අත්වැල් බැඳ ගනිමින්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ජල පොම්ප සම්බන්ධයෙන් ප්‍රශස්ත මට්ටමේ සේවාවක් සැපයීමට කටයුතු යොදා තිබේ. දිවයින පුරා විසිරී සිටිනා සෑම ශ්‍රී ලාංකිකයකුගේම ජල අවශ්‍යතා සපුරා ලීමේ අරමුණින් යුතුව සිදු වුණු මෙම අත්වැල් බැඳ ගැනීම මගින්, දිවයින පුරා පිහිටි අබාන්ස් ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ තවදුරටත් ස්වකීය පාරිභෝගිකයින් වෙත ළඟා වීමට Agromax වෙත හැකියාව ලැබේ. 

මෙලෙස රටපුරා වන අබාන්ස් ප්‍රදර්ශනාගර ජාලය ඔස්සේ, පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කෙරෙන ඇග්‍රොමැක්ස් ජල පොම්ප, සෑම තරාතිරමකම මෙන්ම විවිධ ක්ෂේත්‍රවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ජල අවශ්‍යතා සපුරාලනු පිණිස, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කළ නිෂ්පාදන ලෙසින් පාරිභෝගිකයින් අතට පත් වෙයි. එමෙන්ම, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේ ජල අවශ්‍යතා සපුරාලීම හා පිරිසුදු පානීය ජලය ලබා ගැනීමේ අවස්ථාව සියලු දෙනා වෙත හිමිකර දීමේ දැක්මට අනුව කටයුතු කරන Agromax, මේ වන විටත්  ගෘහස්ත, කර්මාන්ත හා කෘෂිකාර්මික වශයෙන් පුළුල් පරාසයක ජල අවශ්‍යතා  විසඳුම් ගණනාවක් ශ්‍රී ලාංකිකයින් වෙත ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, පවතින අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවත්, දේශීය පාරිභෝගික ඉල්ලුම සපුරාලමින් Agromax ජල පොම්ප දීප ව්‍යාප්ත වශයෙන් බෙදාහැරීම මෙන්ම, අලෙවියෙන් පසු විශිෂ්ටතම සේවාවක් සැපයීමද එමගින් සිදු කෙරේ.

ජල පොම්ප විසඳුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විසි වසරකට වැඩි පළපුරුද්දක් ඇති Agromax, බලශක්ති උච්චාවචනයන්, දේශගුණික විවිධත්වය හා පාංශු ව්‍යුහය වැනි වෙනස් සාධකවලට අනුගත වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියේ ජල පොම්ප නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ඉංජිනේරුමය විශිෂ්ටත්වය ප්‍රකට කර තිබේ. ඒ හේතුවෙන්, වෙනස් පාරිභෝගික අවශ්‍යතා ඉලක්ක කරගත් උසස්ම තත්ත්වයේ ජල පොම්ප ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත පිරි නැමීමට Agromax වෙත හැකියාව සැලසී තිබේ. එපමණක් නොව, මෙම ජල පොම්ප ක්‍රියාත්මක කිරීමේදී, මනා කාර්යක්ෂම හා ස්ථිර ක්‍රියාකාරිත්වයක් පාරිභෝගිකයින් සැලසෙනු පිණිස, 100% ක් තඹ Stators අඩංගු කර නිමවා තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

Agromax විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් වෙත පිරිනමා ඇති ප්‍රශස්ත මට්ටමේ කල්පවතින නිෂ්පාදන එකතුවට ගෘහස්තව භාවිතයට ගන්නා ජල පොම්ප මෙන්ම කර්මාන්ත සඳහා වන ජල අවශ්‍යතා සපුරාලිය හැකි ජල පොම්ප මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනෙන ජල පොම්පද වශයෙන් මාදිලි ගණනාවක ජල පොම්ප ඇතුළත් වේ. නවතම තාක්ෂණයට අනුව නිෂ්පාදනය කර ඇති මෙම සෑම Agromax ජල පොම්පයක්ම ඉහළම කල් පැවැත්මක් සහතික කරන බවද සනාථ කර තිබේ.

එමෙන්ම, විශිෂ්ට Agromax නිෂ්පාදනයක් ලෙසින්, මුළුමනින්ම මල නොබැඳෙන වානේ වලින් නිෂ්පාදනය කර ඇති පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගන්නා ජල පොම්ප  හඳුන්වා දිය හැකි අතර, මේ වනවිටත් එය රෝහල් හා ආහාර සැකසුම් ක්ෂේත්‍රය ආශ්‍රිතව බහුලව භාවිතයට ගැනේ.

සෑම ශ්‍රී ලාංකිකයකු හටම පිරිසිදු පානීය ජලය ළඟා කරලීමේ උත්සාහය පිළිබඳව Agromax ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සදාත් මොහොමඩ් මහතා මෙලෙස සඳහන් කරයි.

“පිරිසුදු පානීය ජලය ලබා ගැනීම අද වන විට ලෝක අවශ්‍යතාවයක්  වී තිබෙන අතරම, විශේෂයෙන්  ශ්‍රී ලංකාවේ අගනගරයෙන් පිටත ප්‍රදේශවල ජනතාව පිරිසිදු ජලය ලබා ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.  එවැනි ගැටලු  විසඳා ලිය යුතු යැයි අපි විශ්වාස කරන අතරම සමාජයේ සෑම කොටසක් වෙතම පිරිසිදු ජලය ලබා ගැනීමට අවස්ථාව සැලසීම අපගේ උත්සාහයයි. ඒ වගේම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා  ප්‍රමාණවත් ජල පහසුකම්  ලබා දීමේ කාර්යයේත් අපි නියැළෙනවා.  ඒවැනි ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජල පොම්ප පහසු මිලකට ලබා දීම, අපගේ ආරම්භයේ පටන්ම පවතින අරමුණක්. ඒ වගේම, අපගේ සෑම ජල පොම්ප නිෂ්පාදනයක් ම ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුක්ත අඩුම පිරිවැයක් වැය වන හා භාවිතයට පහසු නිෂ්පාදන සහතික කිරීමටත් අපිට හැකියාවක් තිබෙනවා.”

ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට ඉහළම තත්ත්වයේ ජල පොම්ප ඉදිරිපත් කිරීමට අමතරව, ඉතා විශිෂ්ට මට්ටමේ අලෙවියෙන් පසු සේවාවක් පිරි නැමීමටද Agromax කටයුතු කරයි. දිවයින පුරා ව්‍යාප්ත එහි අලෙවියෙන් පසු සේවාව ජාලය මගින් පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙත ගොස් ජල පොම්ප අලුත්වැඩියා කටයුතු කර දෙමින්  ඔවුන්ගේ ජල ගැටලු වලට කඩිනමින් විසඳුම් සපයා දීමේ හැකියාවද Agromax සතුව පවතී. පාරිභෝගිකයින් හට දුරකතතන ඇමතුමක් මගින් එහි තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සහාය  ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබීමද විශේෂත්වයකි. Agromax සහ අබාන්ස් හවුල්කාරීත්වය ඔස්සේ දැන් දිවයින පුරා පිහිටි අබාන්ස් ප්‍රදර්ශනාගාර වලින් විශ්වාසවන්ත ලෙසින් හා වගකීමක් සහිතව Agromax ජල පොම්ප ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසී තිබේ. එමෙන්ම අබාන්ස් වෙතින් සලසා දෙන පහසු ගෙවීමේ ක්‍රම මගින් ඩෙබිට් හා ක්‍රෙඩිඩ් කාඩ්පත් මගින් මිලදී ගැනීමටද දීප ව්‍යාප්ත ප්‍රවාහනය කර ගැනීමේ අවස්ථාවද පවතී.

ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණය පිළිබඳ වසර 20 ක පළපුරුද්දක් සතු,‍් ජල පොම්ප නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Agromax දේශගුණික විවිධත්වයන් සහ පාංශු ව්‍යුහය මත පදනම් වූ ඉංජිනේරුමය විශිෂ්ටත්වය ප්‍රකට කර ඇති  පාරිභෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරන සන්නාමයකි. සෑම Agromax නිෂ්පාදනයක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව හා පාරිසරික ආරක්ෂාව තහවුරු වන පරිදි, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ය.

ඡායාරූප විස්තරය-

1. ඇග්‍රොමැක්ස් හි මෙහෙයුම් කළමණාකරු ජගත් මාරසිංහ, ඇග්‍රොමැක්ස් ආයතනයේ අලෙවි කළමණාකරු සමීර බණ්ඩාර, ඇග්‍රොමැක්ස් හි සභාපති රිහිමි රෙයාල්, ඇග්‍රොමැක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සදාත් මොහොමඩ් හා අබාන්ස් ආයතනයේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී බුද්ධික ධර්මවර්ධන, අබාන්ස් ආයතනයේ සන්නාම කළමනාකරු ඇන්ජලෝ ප්‍රනාන්දු යන මහත්වරුන් ගිවිසුම් හුවමාරු කර ගනිමින්

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *