Latest News Sinhala

ශ්‍රී ලංකාවේ ප්‍රථම මාර්ගගත ෆින්ටෙක් බලගන්වනය (Virtual fintech accelerator) ආරම්භක ව්‍යාපාර (startups) 7ක් බිහි කරයි

HatchX යනු  දකුණු ආසියාවේ  ප්‍රථම සහ එකම  fintech ආරම්භක බලගන්වන වැඩසටහන (startup accelerator programme) වන අතර, එය හැච් ආයතනය මූළිකත්වය ගෙන, ලංකන් ඒන්ජල් නෙට්වර්ක් හා එක්ව ෆෝර්ඩ් පදනමෙහි මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහනකි.  HatchX හි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව තුළ  fintech ආරම්භකයන් සඳහා ජාත්‍යන්තර  වශයෙන් වර්ධනය වීමට අවශ්‍ය සම්පත් සහ සහයෝගය ලබා දීමයි. පසුගියදා මෙම වැඩසටහනේ පළමු අදියර සාර්ථක ලෙස නිමා වූයේ වැඩසටහනෙහි ප්‍රතිලාභ ලැබූ ප්‍රථම දේශීය ෆින්ටෙක් ආරම්භකයින් 7 දෙනෙකු කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමත් සමඟය. එම ආරම්භකයන් වනුයේ DirectPay, Smart Insure, Fipbox.com, HeliosP2P, iLoan, Algoredge, සහ OGO Pay යි.  

මෙම ආරම්භකයින් තෝරා ගනු ලැබුවේ ඔවුන්ගේ ව්‍යාපාර පරිණතභාවය, ධනාත්මක වෙළඳ පොළ ආකර්ෂණය මෙන්ම වාණිජමය වශයෙන් ආයෝජන මුලාශ්‍රයක් බවට පත් වීමට  ඔවුන් තුළ ඇති හැකියාව යන සාධක මත පදනම්ව මේ.  පසුගිය අප්‍රේල් මාසයේ මාර්ගස්ථ (Online) ක්‍රමයකට දියත් කෙරුණු HatchX හි වැඩසටහන් ව්‍යුහය, විෂය පථය සහ උපදේශන සේවාවන්  එහි වැඩසටහන් අධ්‍යක්ෂ නියෝ ලියනගේ මහතා විසින් නිර්මාණය කරන ලදී.මාස හතරක වැඩසටහනක් වන මෙහි විෂය මාලාව ව්‍යාපාර සහය,  අධ්‍යාපනය සහ ආයෝජකයින්ගේ සූදානම යන ප්‍රාථමික අංශ ත්‍රිත්වයක් යටතේ ක්‍රියාත්මක වේ.  

මෙම වැඩසටහනට සමගාමීව බැංකු, මූල්‍ය ආයතන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ජාලයන් සඳහා ප්‍රවේශයන් ද අදාල පාර්ශවයන් වෙත ලබා දෙන ලදී.  මේ හරහා ආරම්භක ව්‍යාපාරයන්ට කෙටි කාලයක් තුලදී නව ව්‍යාපාර  අවස්ථා වෙත යොමු වෙමින් තම ව්‍යාපාර වර්ධනය කරගැනීමට විශාල සහයක් ලැබෙනු ඇත.මෙහිදී ඔවුන් සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කළේ නම් එම ව්‍යාපාර සාර්ථකත්වයන් අත්පත් කර ගැනීම සඳහා යම් කිසි කාලයක් ගතවනු ඇත. 

HatchX  හි සාර්ථකත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් එහි  වැඩසටහන් අධ්‍යක්ෂ නියෝ ලියනගේ මහතා මෙසේ පැවසීය.

“ප්‍රථම වතාවට අලුත්ම අත්දැකීමක් එක් කරමින්  දියත් කරන ලද HatchX සඳහා ආරම්භයේදී බොහෝ අභියෝග වලට මුහුණ දීමට සිදු වේ යයි අප අපේක්ෂා කලා.  නමුත් ZOOM වැනි ඩිජිටල් ක්‍රම උපයෝගී කරගනිමින් සියලු අභියෝග සඳහා සාර්ථක ලෙස මුහුණ දෙමින්  මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබීම පිළිබඳ සතුටට පත් වනවා. මෙහිදී HatchX පිළිබඳ විශ්වාසය තබමින් බොහෝ පිරිසක් අප හා එක්වුණු අතර,   සියලුම කර්මාන්ත පාර්ශවකරුවන්ගේ සහාය ඇතුව, දකුණු ආසියාවේ ප්‍රථම මාර්ගගත ෆින්ටෙක් බලගන්වනය  සාර්ථකව මෙහෙය වීමට අපට හැකි වුණා”. 

පසුගියදා වැඩසටහන සාර්ථක ලෙස නිරූපණ දිනයකින් නිල වශයෙන් අවසන් වුණු අතර, එහිදී ආරම්භකයන් හතක් විසින් ආයෝජකයින් සහ කර්මාන්ත පාර්ශවකරුවන් ඉදිරියේ ඔවුන්ගේ විභවතා ඉදිරිපත් කරමින්, ක්ෂේත්‍රය වෙත ඔවුන්ට දැක්විය හැකි දායකත්වය පිළිබඳ සාකච්චා කරන ලදී. මෙහිදී වැඩිදුරටත් ඔවුන්ට අදාල පාර්ශවකරුවන් සමඟ ජාලගත වීමට අවස්ථාවද  හිමි වූ අතර එම ආරම්භකයින් සමඟ ඔවුන්ගේ දියුණුව උදෙසා HatchX ඉදිරියටත් නොකඩවා ඔවුන් සමඟ ක්‍රියා කරනු ඇති.  මේ හරහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම මුළු කලාපය තුළම පවතින මූල්‍ය සේවා සඳහා වන ප්‍රවේශය වර්ධනය කිරීම සඳහා වන බාධා අවම කරමින්,  බැංකු සමඟ ගනුදෙනු නොකරන සහ කරන සියලුම දෙනා වෙනුවෙන් වඩාත් පහසු මුල්‍ය ප්‍රවේශයන් නිර්මාණය කිරීමට අවස්ථාව හිමි වේ. 

මෙම ආරම්භක ව්‍යාපාර සඳහා හැච් ආයතනය අඛණ්ඩ සහයෝගය දක්වන ආකාරය පිළිබඳ විස්තර කරමින් එහි වැඩසටහන් කළමනාකරු සංචිත සිල්වා මහතා මෙලෙස පවසා සිටී.  “මෙම වැඩසටහන නිල වශයෙන් අවසන් වුවත්,  HatchX වැඩසටහනට පිළිගත් ආරම්භකන්  7 දෙනා ද  හැච් ප්‍රජාවේ සාමාජිකයෝ වේ.  ඔවුන්ට කර්මාන්ත විශේෂඥයන්ගේ දිගුකාලීන  උපදේශන සහාය ලබා දී  නැගී සිටීම සඳහා අපි ප්‍රමාණවත් සහය ලබා දී ඇති අතර, ඔවුනට තව දුරටත් වර්ධනය වීමට අවශ්‍ය ප්‍රාග්ධනය සහ උපදේශනය ලබා දීම සඳහා අප නිරතුරුවම කැපවී සිටිනවා. 

Hatch යනු පෙරළිකාර අදහස් වාණිජමය වශයෙන් වටිනාකමක් ඇති ව්‍යාපාර බවට පත්කරන වේදිකාවකි.   කොළඹ සහ යාපනය නගරයන්හි පිහිටා ඇති Hatch නවෝත්පාදනය, වර්ධනය සහ සහයෝගීතාව සඳහා අවකාශයක් සපයන සහයෝගීතාවයකි. රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනයට අවශ්‍ය සහයෝගය ලබා දීමේ දැක්මෙන් ආරම්භක ව්‍යාපාර වර්ධනය කිරීමට Hatch ආරම්භ විය. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *