Latest News Sinhala

බිග් බෑඩ් වුල්ෆ්, Readers Portal ඔස්සේ, පෙරටත් වඩා තුන් ගුණයක පොත් රැගෙන ඔක්. 1 දා සිට 4 වැනිදා දක්වා

බිග් බෑඩ් වුල්ෆ්, වෙනස්ම ආගමනයක් සනිටුහන් කරමින් අඛණ්ඩ සිවුවැනි වරටත්, මෙවර ශ්‍රී ලංකාවට  සපැමිණෙයි. මෙවර ඔන්ලයින් අවකාශය මගින් පැවැත්වෙන ප්‍රදර්ශනය The Readers Portal ඔස්සේ  ඔක්තෝබර් මස, 1 වැනිදා සිට 4 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳ දැනුම් දීම නිමිත්තෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක සහභාගිත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවේ දී, බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන වෙබ් අඩවිය දොරට වැඩීමද,  සිදුකෙරිණි.

එම අවස්ථාවට බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘවරුන් වන  ඇන්ඩෘ යැප් හා  ජැක්ලින් Ng  මෙන්ම  ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි යන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු දීපක් මාධවන් මහතාද මැලේසියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සම්බන්ධ විණි.

මෙවර ප්‍රදර්ශනය ඔන්ලයින් මගින් පැවැත්වීම හේතුවෙන් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට පෙර පෙරට වඩා තුන් ගුණයකින් වැඩි පොත් ගොන්නක් වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව සැලසේ. ඒ අනුව දිවයින පුරා විසීරී සිටින බිග් බෑඩ් වුල්ෆ් රසිකයින්ට ඔන්ලයින් ප්‍රදර්ශනයට එක් කරන, මිලියන ගණනක් වන ඉංග්‍රීසි පොත් අතරින් තමන් ප්‍රිය කරන පොත් 50%- 90% දක්වා වට්ටම් සහිතව මීලදී ගැනීමේ අවස්ථාව මෙවරද උදා වෙයි. එමෙන්ම මෙවර බිග් බෑඩ් වුල්ෆ් ලොලීන්ට, මින් පෙර ප්‍රදර්ශනයක අත් නොවිඳි 70% ක තරම් ප්‍රතිශතයක නවතම තේමාවන්ගෙන් යුත් පොත්ද මිලදී ගැනීමටද අවස්ථාව සලසා තිබේ. ඒ අතරින්  කියවීමේ ඇල්ම වඩාත් වඩවන නවකතා, විද්‍යා ප්‍රබන්ධ, ආදර කතා සාහිත්‍යය, ග්‍රැෆික් නවකතා, ව්‍යාපාරික පොත්, ස්වයං අධ්‍යයන, ගෘහ නිර්මාණ පොත්,  ඉවුම් පිහුම් පොත්   මෙන්ම  ළමුන් සඳහා වන පොත් ද වේ. මෙවර බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයෙන් ළමුන් සඳහා වන ශානර ලෙසින්  කතන්දර පොත්, ක්‍රියාකාරකම් පොත්, පොත් වර්ණ ගැන්වීමේ පොත්, සහ පින්තූර පොත් ආදිය උපරිම වට්ටම් යටතේ  මිලදී ගැනීමට බිග් බෑඩ් වුල්ෆ් සංවිධායක මණ්ඩලය පහසුව සලසා තිබේ. තවද, කුඩා ළමුන්ට අන්තර්ජාල පොත් ප්‍රදර්ශන අත්දැකීම  ප්‍රමෝදමත් අත්දැකීමක් බවට පත් කරලීම පිණිස Disney, Star Wars, Harry Potter ආදී ලොව පුරා ළමා පාඨකයින් අතර ඉමහත් ජනප්‍රිය පත් කතා මාලාවන් මිලදී ගැනීමට ඉඩකඩ සලසා තිබේ. වෙබ් අඩවියේ පොත් පිළිබඳ නිර්දේශ කරන අංශය  වෙත යොමුවී පොත් පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට පාඨක හා පාඨක නොවන දෙපිරිසටම හැකියාව ලබා දී තිබේ.  එමෙන්ම, එමගින් ISBN අංකය, කතුවරයාගේ නම ආදිය  සඳහන් කර ඉතා පහසුවෙන් පොත් සොයා ගැනීමටද හැකියාව පවතී.

මේ වන විට තවමත් පහව නැති කෝවිඩ් අවදානම හේතුවෙන් පොත් ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම  තරමක අවදානම් කටයුත්තක් වී තිබේ. එම අවධානමෙන් ශ්‍රී ලාංකීය පොත් ලෝලීන් මුදවා ගනු පිණිස  ඔන්ලයින් ඔස්සේ මෙවර පැවැත්වෙන ප්‍රදර්ශනය මගින්, ශ්‍රී ලංකාවේ දසත විසිරී සිටින පොත් ලෝලීන්ට නිවෙස්වල සුවපහසුව අත්විඳිමින් ඉතාමත් ආරක්ෂාකාරී අන්දමට පොත් මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබීම ප්‍රශංසනීය කටයුත්තකි.

“ඔන්ලයින් මගින් අලෙවි කිරීම අද වන විට ඉතාමත් සුලබ කාරණයක්. නමුත් ඔන්ලයින් මගින්  පොත් අලෙවිය දුර්ලභ කටයුත්තක් වන අතර ලොව විශාලතම පොත් ප්‍රදර්ශනය අන්තර්ජාලය හරහා ගෙන යාම ඉතාම අභියෝගාත්මක නමුත් ආකර්ෂණීය කටයුත්තක්. කෝවිඩ් වසංගතය හේතුවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජාත්‍යන්තර වැඩසටහන් ගණනාවක් අවලංගු කෙරුණු අතර, අපගේ රසිකයන් වන ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කිරීමට අපට හැකියාවක් නැහැ  මෙම වසරේදී ඔන්ලයින් මගින් පොත් ප්‍රදර්ශනය පැවැත්වීමට මූලිකවම බලපාන ලද කාරණය එයයි. මෙය, එල්ල විය හැකි සෞඛ්‍යමය ගැටළු මග හරවා ගැනීමට පමණක් නොව, ශ්‍රී ලාංකික ´පාරිභෝගික පහසුව´ පිළිබඳව නවතම මාවතක්ද විවර කිරීමක්.” යනුවෙන් බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘ ඇන්ඩෘ යැප් මහතා  සඳහන් කළේය.

ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ නිශාන් වාසලතන්ත්‍රි මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“බිග් බෑඩ් වුල්ෆ්, පොත් දර්ශන ඇරඹුණු 2009 වසරේ පටන්ම, අදහස් කෙරුණේ නවතම වෙනසක් සිදු කිරීමටයි. ශ්‍රී ලාංකීය පොත් ලෝලීන්ට තමන් මිලදී ගන්නා පොත් වලට නැව් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර ඔවුන් ගෙවිය යුත්තේ රට ඇතුළත ප්‍රවාහනය සඳහා වන අවම කුරියර් ගාස්තු පමණයි.  එමෙන්ම රුපියල් 8000 කට වැඩි සෑම මිලදී ගැනීමක් සඳහාම කුරියර් ගාස්තු අය කෙරෙන්නෙත් නැහැ.  ඉන් අදහස් කරන්නේ, කිසිදු කරදරයකින් අවහිරයකින් තොර පොත් ප්‍රදර්ශන අත්දැකීමක්. පොත් ලෝලීන්ට තවදුරටත් පෝලිම් වල රැඳී සිටීමට හෝ වසංගතය හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍ය අවදානම ගැන කරදර වීමට හෝ අවශ්‍ය නැහැ. මෙම  ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මගින් පොත් ඇණවුම් කිරීමත් ඒවා ඔබේ දොරකඩටම ගෙන්වා ගැනීමත් ඒ තරමටම පහසුයි.”

“ලොව පුරා සිටින පොත් ලෝලීන්හට එකසේ පොත් ලැබිය යුතු බවත්, කියවීමේ පුරුද්ද සෑම කෙනෙකු තුළම ඇති කළ යුතු බවත් බිග් බෑඩ් වුල්ෆ්, කණ්ඩායම විශ්වාස කරන කාරණයක්. වසරක් පාසා පොත් ප්‍රදර්ශන පවත්වමින් ලොව පුරා සිදු කරන පොත් අලෙවියෙහි මූලික පරමාර්ථය වන්නේද එයයි. කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ලොව පුරා අවධානයක් යොමුවී ඇති අතර, ලොව බොහෝ රටවල් වල අද වන විට ක්‍රියාත්මක වන ඔන්ලයින් ක්‍රමවේදයක් මගින් එවැනි අවදානමක් ජයගත හැකියි. ඔන්ලයින් ප්‍රදර්ශනය මගින් මිලදී ගන්නා පොත් බෙදාහැරීමේදී සියලුම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලීම තහවුරු කරමින් බිග් බෑඩ් වුල්ෆ් කණ්ඩායම මෙම සමස්ත ක්‍රියාදාමය අධීක්ෂණය කරන බව සඳහන් කළ යුතු වෙනවා” බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙහි සම නිර්මාතෘ ජැක්ලින් Ng සඳහන් කළාය.

බිග් බෑඩ් වුල්ෆ්, Online පොත් ප්‍රදර්ශනයට එක් වන බිග් බෑඩ් වුල්ෆ් ලෝලීන්ට එහි වෙබ් අඩවියේ බැනරය මත කලික් කිරීමෙන් ඉන් පිරිනමන දීමනා දැන ගත හැකි වේ. එමෙන්ම, මායාමය පොත්, රහස් පරීක්ෂක කතා ආදී White stars පොත් මාලාවන්ද වෙබ් අඩවියේ බැනර් එක මත ක්ලික් කිරීමෙන් තෝරා ගැනීමට හැකිවේ. රහස් පරීක්ෂක කතා කාණ්ඩ යටතේ පොත් ත්‍රිත්වයක් රුපියල් 640 කට මිලදී ගැනීමට හැකියාව පවතී. දීමනා සහිතව පිරිනැමෙන මායාමය පොත් දෙකක් මිලදී ගත් විටක, එක පොතක් නොමිලේ ද, පොත් තුනක් මිලදී ගන්නේ නම්, දෙකක් නොමිලේද ලබා ගැනීමට හැකි වේ. White stars කතාමාලාවේ එක් සුරංගනා කතා පොතක් මිලදී ගත් විටෙක තවත් පොතක් නොමිලේ හිමි වීම ළමුන් අමන්දානන්දයට පත් කරන කාරණයකි.

එමෙන්ම බිග් බෑඩ් වුල්ෆ්, පාසල් මාධ්‍ය පිටුව සමග සම්බන්ධවීමෙන්  දීමනා පිළිබඳව හා තරග පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.  ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට 4 වෙනිදා දක්වා www.bigbadwolf books.lk යන වෙබ් අඩවියෙන් 24 පැය පුරා ම පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා එක් විය හැකියි. වැඩිදුර විස්තර සඳහා www.facebook.com /bbwbookssrilanka හා  www.instagram.com/bigbadwolfbooks_lkවෙත පිවිසෙන්න.   

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *