Latest News Sinhala

අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත Huawei P40 Pro ශ්‍රී ලාංකීය වෙළඳ පොළට

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෙම වසර තුළදී පෙරළිකාර නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකික පාරිභෝගිකයා වෙත රැගෙන එනු ලැබුවා.  ඒ අතරට තවත් විශිෂ්ඨ හඳුන්වා දීමක් එක් කරමින් පසුගියදා එම සමාගම විසින් Huawei P40 Pro ශ්‍රී ලාංකීය  වෙළඳ පොළට දියත් කරන ලදී.    ගෝලීයව පරිශීලකයින් අතර ඉතාමත් ජනප්‍රිය Huawei P40  Pro සඳහා ඉහළ වෙළඳපොළ ඉල්ලුමක් දක්නට ලැබෙනුයේ එහි වූ කැපී පෙනෙන තාක්ෂණික විශේෂාංග සහ විශිෂ්ඨ ඡායාරූප ගැනීමේ හැකියාව නිසාවෙනි.    

අලංකාර matte නිමාව සහ  6.58-inches OLED full view display, Huawei P40 Pro වෙත ආකර්ෂණිය නිමාවක් සහ පැවැත්මක් ගෙන එන අතර, Huawei සමාගමේ විශිෂ්ඨ ස්මාර්ට් උපාංග නිෂ්පාදනය කිරීමේ ශක්තිය Huawei P40 Pro වෙතින් මැනවින් විදහා දැක්වෙන බව කිව හැකිය. ඉහළ වේගය, ධාරිතාවය, අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව සහිත කැමරා සහ සිත් ඇඳ ගන්නා සුළු නිමාව යන සාධක මැනවින් සංකලනය කොට නිපදවා ඇති  Huawei P40 Pro වෙළඳ පොළ තුළ පවතින අනෙකුත් සියළුම තරඟකාරී නිෂ්පාදන සඳහා විශාල අභියෝගයක් එල්ල කරනු ඇත.

Huawei P40 Pro හි AI තාක්ෂණය මඟින් බල ගන්වා ඇති 50 MP Ultra Vision කැමරා  (Wide Angle, f/1.9 aperture, OIS) ,  40 MP සිනේ  කැමරා (Ultra-Wide Angle, f/1.8 aperture) , 12 MP Super Sensing Telephoto කැමරා (f/3.4 aperture, OIS) , 3D Depth Sensing කැමරා සහිත Ultra Vision Leica Quad camera පද්ධතිය හරහා රාත්‍රී හෝ දහවල් කාලයේදී ඕනෑම ආකාරයක ඡායාරූප අලංකාර ලෙස ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ. 

OIS + AIS ඇතුළුව Digital, optical and hybrid යන Zoom modes ත්‍රිත්වයකින් සහ auto focus විශේෂාංගය ඇතුව පැමිණෙන Huawei P40  Pro ඉහළ ගුණත්වයකින් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරයි. තවද  ස්වභාවික වර්ණයන්ගේ  කිසිඳු වෙනස්වීමකින් තොරව අලංකාර සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට Huawei P40 Pro හි  32 MP සෙල්ෆි කැමරාව  (f/2.2 aperture) උපකාරී වේ.  

Huawei P40 Pro  Kirin 990 ප්‍රොසෙසරය මඟින් බලගන්වා ඇති නිසා වඩාත් සුමට සහ වේගවත් ස්මාර්ට් දුරකථන අත්දැකීමක් පරිශීලකයාට හිමි වේ.  මෙහිදී  The ultra-high network වේගය වැදගත් වන අතර, මේ හරහා පරිශීලකයාට කිසිඳු ගැටලුවකින් තොරව  4K live streams පවා නැරඹිය හැකිය. මෙම දුරකතනයේ  8GB RAM + 256GB මතක ධාරිතාවය හේතුවෙන්  විවිධ පරාසයක විහිදුණු  ඇප්ස්, files, ගේම්ස්  ඇතුළු බොහෝ දේ  පරිශීලකයාට බාධා වලින් තොරව ක්‍රියාත්මක කිරීමේ හැකියාව හිමි වේ. 

මෙම විශිෂ්ඨ හඳුන්වා දීම පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා මෙලෙස පවසා සිටී.  “නිරන්තරයෙන්ම පාරිභෝගිකයා වෙතට උසස්ම තාක්ෂණික අත්දැකීමක් හිමි කර දීමේ අරමුණින් ක්‍රියා කරන Huawei සෑම නිෂ්පාදනයක්ම නිර්මාණය කිරීමේදී වෙළද පොළ අවශ්‍යතා පිළිබඳ දැඩි සැළකිල්ලක් දක්වනවා. එලෙස වෙළද පොළ අවශ්‍යතා නිරීක්ෂණය කිරීමෙන් පසු නිර්මාණය කරන සියලුම උපාංගයන් වෙළඳ පොළ තුළ ඉහළම ඉල්ලුමකට ලක් වන බව සතුටින් කිව හැකිය.

නවතම තාක්ෂණය හා අද්විතීය කැමරා පද්ධතියක් Huawei P40 Pro හා එක් කොට ඇති අතර එය නිසැකයෙන්ම පරිශීලකයින්ගේ කාර්යන් වඩාත් පහසු කරනු ඇත. smartphone photography සඳහා ඇල්මක් දක්වන සිය පරිශීලකයින්ට වඩාත් අලංකාර ඡායාරූප ලබා ගත හැකි Huawei P40 Pro ඕනෑම අයකු දක්ෂ ඡායාරූප ශිල්පියකු කරවයි.  දිනෙන් දින වෙනස් වන තාක්ෂණය පාරිභෝගිකයින් වෙත ලං කිරීම උදෙසා Huawei ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිමැවුම හැඳින්විය හැකිය.

4200mAh දිගු කාලීන බැටරියක් සහ නවතම CPU design සමගින් එන Huawei P40 Pro  නිතර නිතර දුරකථනය charge කිරීමේ ගැටළු සඳහා සාර්ථක විසඳුමක් ලබා දී ඇත.  දැන් දිගු වෙලාවක් ස්මාර්ට් දුරකතනයේ ඕනෑම කාර්යයක නිරත වීමට පරිශීලකයාට අවස්ථාව මේ හරහා හිමි වේ.  තවද කෙටි කාලසීමාවක් තුළදී දුරකථනය charge කර ගැනීමේ අවස්ථාව සපයමින් Super Charge තාක්ෂණය ද Huawei P40 Pro හා එක් කොට ඇත. 

Huawei P40 Pro දුරකතනයේ තිරය, Huawei MateBook 13 හා MateBook D15 ලැප්ටොප් තිරය තුළින් මෙහෙයවිය හැකි වීම සහ ස්මාර්ට් දුරකතනය තුළ තිබෙන දත්ත ලැප්ටොප් පරිගණකය වෙතත්, පරිගණකය තුළ තිබෙන දත්ත ස්මාර්ට් දුරකතනය වෙතත් පහසුවෙන් හා ඉතාමත් ඉක්මනින් හුවමාරු කළ හැකි වීම Huawei P40 Pro  දුරකතනයේ  තවත් එක් විශේෂාංගයකි. 

මෙම උපාංගයෙහි හොඳම විශේෂාංගය ලෙසින් Huawei App Gallery හඳුන්වා දිය හැකිය. ලොව පුරා ජනප්‍රිය apps මිලියන ගණනක් පරිශීලකයින් හට ඩවුන්ලෝඩ් කිරීමට ඉඩ සලසමින් App Gallery හි පවතී. වඩාත් තරගකාරී ලෙසින්, ලොව ප්‍රමුඛ App Gallery තුන අතර පවතින Huawei App Gallery භාවිත කරන පරිශීලකයින් සංඛ්‍යාව මසකට මිලියන 420 කට අධිකය. දිනෙන් දින විශාල apps ප්‍රමාණයක් එකතු කර ගනිමින් එය සුවිශාල ප්‍රගතියක්ද අත්පත් කරගෙන තිබේ. Huawei AppGallery මගින් ඩවුන්ලෝඩ් කරගත නොහැකි කිසියම් app එකක් වේ නම්, apps හෝ games විශාල ප්‍රමාණයක් ඉතාමත් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකි Petal Search ද මේ වන විට Huawei පරිශීලකයින්ගේ භාවිතය සඳහා පවතී. පරිශීලකයින් හට Huawei AppGallery වෙත ප්‍රවේශ වී මෙම Petal Search පහසුවෙන් ඩවුන්ලෝඩ් කර Install කර ගත හැකිය. Silver Frost, Deep Sea Blue සහ  Blush Gold colors යන ආකර්ෂණීය වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei P40 Pro  හි මිල වනුයේ රුපියල්  172,999.00 කි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *