Latest News Sinhala

Vivo, නවතම ජංගම දුරකතන ඡායාරූපකරණ සැකසුම් සමග පරිශීලකයින් මවිතයට පත් කරයි

පසුගිය වසර කිහිපය තුළ ජංගම දුරකතන ඡායාරූපකරණය, snapshot ඡායාරූපවල පටන් සූක්ෂම වෙළෙඳ දැන්වීම් ඡායාරූප දක්වා ඉතා කෙටි කාලයක් ඇතුළත වේගයෙන් වැඩි දියුණු වී තිබේ. මෙම ජංගම දුරකතන ඡායාරූපකරණ විප්ලවයෙහි පුරෝගාමී සන්නාම අතරෙහි vivo සන්නාමය පෙරමුණෙහි පසු වන අතර, එමගින් මෑතදී හඳුන්වා දුන් V17 Pro හා S1 Pro ස්මාර්ට් ජංගම දුරකතන, ඡායාරූපකරණ සැකසුම් සම්බන්ධයෙන් (settings) vivo හි  සුවිශේෂී අනන්‍යතාවය පිළිබඳ හොඳම සාක්ෂි වේ.

ජංගම දුරකතන ඡායාරූපකරණය තවදුරටත් ආහාර-පාන සහ සෙල්ෆි ඡායාරූපවලට පමණක් සීමා නොවන පසුබිමක, ස්මාර්ට්ෆෝන් ඡායාරූපකරණය යනු අප වටා ඇති ලෝකය ග්‍රහණය කර ගැනීමට හොඳ ක්‍රමයකි. 

මේ දිනවල වෘත්තීය ඡායාරූප ශිල්පීන් පවා ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතන පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරයි. ජංගම දුරකතන නිෂ්පාදකයෙකු ලෙස vivo මොබයිල් ලංකා, සෑම විටම පාරිභෝගික ඉල්ලුම සපුරාලන අතර, vivo ජංගම දුරකථන පරිශීලකයින්ගේ ඡායාරූප කුසලතා වැඩි දියුණු කිරීම හා දිරි ගැන්වීම පිණිස, ඔවුන්ගේ ස්මාර්ට් උපාංග නව්‍යකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.

වත්මන් තත්ත්වය යටතේ, අනිවාර්යයෙන් නිවෙස්වල රැඳී සිටිය යුතු මේ කාලය තුළ පරිශීලකයින්ට තම vivo ස්මාර්ට් උපාංග මගින් ගන්නා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අන්තර්ජාල අවකාශ සලසමින්, ඒවා #vivography ෆේස්බුක් සමූහයට එකතු කර ප්‍රදර්ශනය කිරීමටද vivo අවස්ථාව ලබා දී තිබේ. ඉදිරියේදී, #vivographers ශිල්පීන් වෙනුවෙන් නිපුණතා සංවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කිරීමටද සමාගම සැලසුම් කර සිටියි.

“අද වන විට, ස්මාර්ට් ජංගම දුරකතන අන් කවරදාටත් වඩා ජනප්‍රිය වී තිබෙනවා. බොහෝ දෙනෙක් ඔවුන්ගේ විනෝද ගමන්වල ඡායාරූප ගැනීමටත්, පවුලේ ඡායාරූප ඇල්බම් පිරවිමටත්,‍ ඒ වෙත යොමු වී සිටිනවා. ඔබේ හොඳම කැමරාව විය යුත්තේ හැම විටම ළඟින් තබා ගත හැකි, සාක්කුවට ගැළපෙන, සැහැල්ලු කැමරාවක්. එවැන්නක් ලබා ගැනීම අසීරු වන්නේ නැහැ. අපගේ පාරිභෝගිකයින් හට කැමරා සැකසුම් සම්බන්ධ නවීන විස්මයන් ලබා දීමේ ගමන අපි යනවා. දැනටමත් කර්මාන්තයේ ප්‍රමුඛතම ගුණාංගවලින් යුතු කැමරා ඇතුළත් උපාංග අප විසින් නිපදවා තිබෙනවා. මෙම කැමරා නිපදවා ඇත්තේ, සෑම විටම උපරිම ආලෝකය, වර්ණය සහ විස්තර උකහා ගැනීම සඳහා වන මෘදුකාංග සමග සංකීර්ණ දෘෂ්‍ය සංවේදක ඒකාබද්ධ කරමින්.” vivo මොබයිල් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියෑන්ග් මහතා සඳහන් කළේය.

ඡායාරූපකරණයේ වර්ධනයට හේතුවන ස්මාර්ට් ජංගම දුරකතන

InfoTrends මගින් කර ඇති ගණනය කිරීම්වලට අනුව ලොව පුරා ඩිජිටල් ඡායාරූප ට්‍රිලියන 1.2 කට වඩා ගනු ලබයි. එය මිහිමත වෙසෙන බිලියන 7.5 කට ආසන්න ජනගහනයෙන්, එක් අයෙකුට දළ වශයෙන් පින්තූර 160 ක ප්‍රමාණයක් වේ. එමෙන්ම, ගනු ලබන ඡායාරූපවලින් 85% ක්ම ස්මාර්ට් ජංගම දුරකතන මගින් ගන්නා ලද ඡායාරූප වීම විශේෂත්වයකි.  

ඡායාරූප සම්බන්ධයෙන් වැදගත් කණ්ඩායමක් ලෙසින් Gen Z හි ප්‍රතිචාර

Keypoint Intelligence සමීක්ෂණ ආයතනය මගින් Gen Z කණ්ඩායම ඇසුරින් කරන ලද අධ්‍යයනයට අනුව, කණ්ඩායමේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80% ක්ම පවසා තිබුණේ, ඔවුන්ගේ මූලික කැමරාව ස්මාර්ට් ජංගම දුරකතනයක් බවයි. විශේෂිත කරුණ නම්, එම කණ්ඩායමේ 45% ක් පමණ තමන් snapshot ඡායාරූප ශිල්පියෙකු ලෙස සැලකීමයි. එසේත් නොමැති නම් ඒ මොහොතේ විනෝදය සඳහා ඡායාරූප ගන්නකු ලෙසින් තමන් සැලකීමයි. ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් හට ඔවුන් ගන්නා ඡායාරූප සමාජ මාධ්‍ය ගිණුම්වලට සැණෙකින් ඇතුළත් කිරීම පහසු බව vivo සහතික කරයි. ‘ජංගම ඡායාරූපකරණයේ වැඩි නම්‍යශීලී බවට ඉවහල් වන ස්මාර්ට් තාක්ෂණික උපාංග වැඩි දියුණු කිරීම සඳහා සිය සමාගම විශේෂ අවධානය යොමු කර ඇත්තේ එනිසා  ̓ බව ජියෑන්ග් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

vivo විසින් මෑතදී, vivo S1 Pro සහ V17 Pro  යන උපාංග හඳුන්වා දී ඇති අතර, එම උපාංග ද්විත්වයම, විශිෂ්ටතම කැමරා සැකසුම්වලින් සමන්විතය.

vivo S1 Pro ස්මාර්ට් ජංගම දුරකතනයෙහි ඇතුළත් Quad කැමරාව,  f/1.8 කාචය සමග 48 MP, ප්‍රාථමික සංවේදකයකින්, f/2.2 පුළුල් කෝණ කාචය සමග 8 MP ද්විතියික සංවේදකයකින් හා  f/2.4 කාචය සමග 2 MP තෘතීක සංවේදකයකින් යුක්තය. එමෙන්ම, විශිෂ්ටතම සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා 32 MP කැමරාවක් ද එහි අන්තර්ගත වේ.

ඊට අමතරව, 2019 දී හඳුන්වා දුන් නවතම vivo V17 Pro ස්මාර්ට් ජංගම දුරකතනය, ලොව ප්‍රථම 32MP Dual Elevating Front කැමරාව සහ FHD සහ සුපර් AMOLED Ultra FullView™ Display සමග වෘත්තීය මට්ටමේ 48MP AI Quad කැමරාව ඇතුළුව තවත් සුවිශේෂී අංගවලින් සමන්විතය. මෙමගින් අඩු ආලෝක තත්ත්වයක් තිබියදී වුව, පරිශීලකයන් හට කිසිදු අපහසුවකින් තොරව සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට හැකියාව පවතී. 48MP, පසුපස ප්‍රධාන කැමරාව සහ 13MP ටෙලිෆොටෝ සංවේදක මගින් ඉහළ මට්ටමේ ඡායාරූපකරණයක් සඳහා HDR, exposure සමග වර්ණ සියල්ල වැඩි දියුණු කර ඇත. තාක්ෂණය අතින් නිරතුරු නව්‍යකරණය වීම, vivo හි මූලික හරයන්ගෙන් එකක් වන අතර, කැමරා ගුණාංග තවදුරටත් ඉහළ නංවමින් vivo ඉතා ඉක්මනින් V ශ්‍රේණියේ නව මාදිලියක් හඳුන්වා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රියන්ත බණ්ඩාර මේ වන විටත් සිය vivo S1 Pro සමග කැමරා සැකසුම්වල විප්ලවය අත්විඳියි.

“සංචාරක සහ භූ දර්ශන ඡායාරූප ශිල්පියෙකු වශයෙන් මම නිරතුරුවම සංචාරයෙහි නිරත වෙනවා. ඒ ගමන්වලදි මගේ කැමරාවෙන් ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය බොහෝ දේ මට හමු වෙනවා. මම දකින දේ අහඹු වන අතර එය ස්වයංසිද්ධව සිදු වන්නක්. අනෙක් බර කැමරා මෙන් නොව, හැසිරවීමට ඉතා පහසු මගේ vivo S1 Pro සැමවිටම ළඟ ඇති නිසා, ඡායාරූප ක්ෂණිකව edit කර, අන්තර්ජාලය මගින් මිතුරන් අතරෙහි බෙදා ගැනීමට  හැකියාව පවතිනවා. වෙනත් කැමරාවලින් ඡායාරූප ගන්නා අවස්ථාවල මෙවැනි සුවිශේෂී හැකියාවක් එම උපාංගවලට නොමැති නිසා ඡායාරූපය ගැනීමෙන් අනතුරුව post-editing කටයුතු සඳහා ඒ මොහොතේ පවතින උන්නදුව හීන වෙනවා. එනිසා, මා ගන්නා බොහෝ ඡායාරූප අතරෙහි ඇදහිය නොහැකි ඡායාරූප පවා ඇතැම් විට ඉවත දැමෙනවා, එසේත් නැතිනම් මග හැරී යනවා. vivo S1 Pro භාවිතා කිරීම හේතුවෙන් මගේ ඡායාරූප කලාවෙහි සහමුලින්ම වෙනස් පැත්තක් නිරාවරණය වී ඇති අතර, ජංගම දුරකතන ඡායාරූපකරණයේ මටම අනන්‍ය වූ ශෛලියක් මෙම උපාංගය මගින් මා ගොඩ නගාගෙන තිබෙනවා.” ප්‍රියන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.                                                                                       

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *