Latest News Sinhala

නිවසේ සිට පහසුවෙන්ම කාර්යාල කටයුතු වල නිරත වීමට Huawei Media Pad T5 සහ Free Buds 3

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් මෑතකදී වෙළද පොළට හඳුන්වා දුන් Huawei Media Pad T5 සහ Free Buds 3 වර්තමානය වන විට වෘත්තිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ තාක්ෂණික උපාංග ද්විත්වයක් වී හමාරය. වෘත්තිකයින්ට ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව කාර්යාලයේ කටයුතු සිදු කර ගැනීමට මෙන්ම දරුවන්ට සිය අධ්‍යාපනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ හැකියාව සහ පවුලේ සියලු දෙනාට එකට එක්ව විනෝදයෙන් සිටීමට අවශ්‍ය විශේෂාංග සහ සේවා රැසකින් මෙම උපාංග ද්විත්වය සමන්විත වේ. 

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වෘත්තිකයින් නිවසේ සිට කාර්යාල කටයුතු කිරීමට පෙළඹීමත් සමග ලොව පුරා Huawei Media Pad T5 සහ  Free Buds 3 උපාංග සඳහා දැඩි ඉල්ලුමක් මෙන්ම ආකර්ෂණයක් තිබෙන බව දැක ගත හැක්කේ මෙම උපාංගවල ඇති ඉහළ කාර්යක්ෂමතාව සහ පහසුකම් හේතුවෙන්ය. නිවසේ රාජකාරී සමගින්  කාර්යාල කටයුතු සිදු කිරීමට බොහෝ දෙනෙකුට සිදු වීමත් සමග වෙනදාටත් වඩා ජනතාව කාර්ය බහුල වී ඇති අවධියක  මනස සැහැල්ලු කර ගැනීම සඳහා චිත්‍රපට නැරඹීමට, ක්‍රීඩා කිරීමට සහ විවිධ දෑ ගවේෂණය කිරීමට අඟල්  10.1 ක පුළුල් තිරයක්,  1080p full HD vivid display එකක් සමගින් එන Huawei Media Pad T5 එදි නෙදා සිදු කරන ඊ මේලින්, typing tasks, සමාජ මාධ්‍ය ජාල කළමනාකරණය ඇතුළු පුළුල් පරාසයක විසිරුණු බොහෝ වෘත්තීය කාර්යන් ඉතා පහසු කර ඇත. තවද Huawei’s Histen Audio තාක්ෂණය සමගින් දියුණු කරන ලද Media Pad T5 හි Dual speakers ගුණත්වයෙන් ඉහළ ශබ්ද ජනනය කරන්නේ සිනමා අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමිනි. 

පරිශිලකයින් හට මෙතෙක් විශාල ගැටලුවක්ව පැවැති දිගු වෙලාවක් තිරය දෙස බලා සිටීම තුළින් ඇස් වලට සිදුවන හානිය සහ අනෙකුත් අහිතකර සෞඛ්‍ය ගැටළු සියල්ලට පිළියමක් සපයමින් Media Pad T5 තුළට Eye-comfort mode ඇතුළත් කර ඇත. ස්මාර්ට් දුරකතනයන්හි low blue light සහ photobiological safety සඳහා වූ ප්‍රසිද්ධ සහතිකරණයක් වන TÜV Rheinland මගින්  සහතික කරන ලද Eye-comfort mode නිසා තව දුරටත් තිරය දෙස බොහෝ වෙලාවක් බලා සිටීමේදී ඇති වන ගැටළු පිළිබඳ පරිශීලකයා සැලකිය යුතු නැත. මේ හරහා දවසේ ඕනෑම වේලාවක දරුවන්ට ඕනෑම පැය ගණනක් පොත් කියවීමට මෙන්ම වෘත්තිකයින්ට සීමාවක් නොමැතිව නිදහසේ සිය කාර්යන් සිදු කිරීමට අවශ්‍ය අවකාශය හිමි වේ.  තවද මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතු දෙය නම් ඉතාමත් කඩිනමින් MediaPad T5 හි වූ  ඕනෑම දත්තයක් වෙනත් ඕනෑම Huawei උපාංගයකට හුවමාරු කිරීමේ හැකියාව ඇති ‘Huawei share’ විශේෂාංගයයි.  මේ හරහා  විශේෂයෙන්ම වෘත්තිකයින් දත්ත හුවමාරු කිරීම සඳහා වැය කරන කාලය විශාල වශයෙන් අවම වනු ඇත. 

වෘත්තිමය කටයුතු වල නිරත වන්නන්ට අමතරව  MediaPad T5හි ඇතුළත් Children’s Corner මඟින් කුඩා ළමුන්ට අවශ්‍ය ඉගෙනුම් සහය ලබා දීම සඳහා විවිධ apps හඳුන්වා දී ඇති අතර දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සීමා කිරීමේ පහසුවද දෙමව්පියන්ට හිමි වනු ඇත. මේ හේතුවෙන් MediaPad T5 අධ්‍යාපනික කටයුතු සඳහා භාවිත කළ හැකි තාක්ෂණික උපාංගයක් ද වනු ඇත.

“අප සමාගමේ නවතම නිෂ්පාදන ද්විත්වයක් වන Media Pad T5 සහ  Free Buds 3 දේශීය පාරිභෝගිකයාට විශිෂ්ට තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමට අවශ්‍ය සියලුම විශේෂාංගයන්ගෙන් සමන්විතය. විනෝදයෙන් සිටින අතරේම වෘත්තීය කටයුතු වල නිරත වීම ඉතා පහසු කරමින්, විවිධ තාක්ෂණික සේවා රැසක් ඇතුළුව වෙළද පොළට ඉදිරිපත් කරන ලද මෙම උපාංග අත් හදා බලන මෙන් සියලුම පාරිභෝගිකයින්ට ඇරයුම් කර සිටිනවා.”  Huawei සමාගමේ මෙරට ප්‍රධානි පීටර් ලියූ මහතා පවසා සිටියේය.

ලොව ප්‍රථම open-fit active noise-cancellation සහිත Bluetooth Wireless Headset එක Freebuds 3 හි සැහැල්ලු සහ පහසු නිමාව හේතුවෙන් වෘත්තිකයින් අතර ජනප්‍රිය උපාංගයක් වී හමාරය.  Freebuds 3 හි Smart Wireless Charging පහසුකම සහ පැය 20කට අධික කාලයක් නොනවත්වා ඇමතුම් සහ සංගීතයට සවන්දීමේ හැකියාව සහිත බැටරි ආයු කාලය සුවිශේෂී වන අතර එහි වම් පස earbud එක tap කිරීම හරහා සුවිශේෂී intelligent active noise-cancellation පහසුකම ක්‍රියාත්මක කළ හැක. තවද මෙහි ඇමතුම් ලබා ගැනීම පහසු කරන Bone Voice ID පහසුකම බාහිර ශබ්ද හමුවේ පරිශීලකයාගේ ශබ්දය ඉතා පැහැදිළිව ඇසීමට අවශ්‍ය පහසුකම් සලසයි. දුරකතන ඇමතුම් ඉතා පහසුවෙන් සහ පැහැදිළි ලෙස ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සහ විශේෂාංග රැසක් සමගින් එන Huawei Free Buds 3 අනිවාර්යෙන්ම වෘත්තිකයින්ගේ කාර්යන් පහසු කරනු ඇත. 

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *