Latest News Sinhala

PropertyGuru ආසියානු දේපළ සම්මාන උළෙල 2020 ලබන නොවැම්බරයේදී

ගෝලීයව පවතින සෞඛ්‍ය අර්බුධ තත්ත්වයන් හමුවේ ජූලි මස 17 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබුණු ආසියානු කලාපයේ විශාලතම සහ කීර්තිමත්ම දේපළ වෙළඳාම් සම්මාන උළෙල වන PropertyGuru 2020 දේපළ සම්මාන උළෙල ලබන නොවැම්බර් මස පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. 

ඒ අනුව එම සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී නොවැම්බර් මස 6වන දින පැවැත්වීමට නියමිත අතර අගෝස්තු මස 21 වනදා දක්වා ඒ සඳහා නාම යෝජනා භාර ගැනීම සිදු කරයි.  2020 වර්ෂයේ PropertyGuru සම්මාන උළෙල තුලදී කොළඹ, නැගෙනගිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විශිෂ්ඨම  සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සම්මාන පිරිනැමීම සිදු කරයි. මීට අමතරව දකුණු ආසියානු කලාපය තුල සිදුවන විශාල සංවර්ධනය මූලික කොට ගනිමින් මාලදිවයින් සංවර්ධන ව්‍යාපෘති ඇගයීමද මෙවර සම්මාන උළෙලිදී සිදු වේ.

මෙවර සම්මාන උළෙලට සහභාගී වන්නන්ගේ සෞඛ්‍යමත්භව සහ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හෝටල් කළමනාකාරිත්වය විසින්  විධි විදාන රැසක් ක්‍රියාත්මක කරනු ලැබීම සුවිශේෂී කරුණකි. මෙහිදී සියළුම සහභාගී වන්නන්ගේ ශරීර උෂ්ණත්ව පරීක්ෂාවන් ඇතුල් වීමේදී සිදු කරන අතර, මුහුණු ආවරණ සහ අත් ආවරණ ද එහිදී ලබා දෙනු ඇතී. 

සියළුම අයදුම් පත්‍ර දැනට පවතින නිර්ණායක මත ඇගයීමට ලක් කරනු ලබන අතර අයදුම් පත්‍ර බාරගැනීමේ අවසාන දිනය අගෝස්තු මස 14 වනදා වනු ඇත. මේ සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් පසු වන ඕනෑම අයකුට https://www.asiapropertyawards.com/en/nominations/  ලින්ක් තුළට පිවිසීමෙන් අන්තර්ජාලය හරහා අදාළ නාමයෝජනා බාර දීමේ හැකියාව පවතී.

2020 සම්මාන උළෙලට සම්බන්ධ වැදගත් දින අතරට  14 අගෝස්තු  2020 – අයදුම්පත් නිකුත් කිරීමේ අවසාන දිනය, 21 අගෝස්තු 2020 – අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය , 31 අගෝස්තු-11 සැප්තැම්බර් 2020 –පරිශ්‍ර නිරීක්ෂණය , 11 හෝ 14 සැප්තැම්බර් 2020 අවසාන විනිශ්චය , 06 නොවැම්බර්  2020 – ශ්‍රී  ලංකාවේ කොළඹ පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය , 20 නොවැම්බර් 2020 – තායිලන්තයේ බැංකොක්හි පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවය වේ.

මෙම සම්මාන ප්‍රධානෝත්සවය සම්බන්ධයෙන් එහි කළමනාකාරිත්වය ඇතුළු කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ අදාල අංශවල උපදෙස් සහ නිර්දේශයන් අනුගමනය කරනු ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින්  PropertyGuru 2020 දේපළ සම්මාන උළෙලහි කළමණාකාර අධ්‍යක්ෂ ජූල්ස් කේ මහතා පැවසුවේ මෙම උළෙලට සහභාගී වන්නන්ගේ ආරක්ෂාව ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින් ඉදිරියේදී අවශ්‍ය වුවහොත් අතිරේක සෞඛ්‍ය පියවරයන් ගැනීමට ඔවුන් සූදානම් බවයි.

මෙම සම්මාන උළෙල පිළිබඳ වැඩිදුර විස්තර [email protected] වෙත ඉ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ AsiaPropertyAwards.com නිල වෙබ්අඩවියට පිවිසීමෙන් හෝ ලබාගත හැකිය.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *