Latest News Sinhala

පැල්වත්ත වෙතින්,‍ කෝවිඩ් 19 වසංගතයට එරෙහිව සමාජ සත්කාර ගණනාවක්

දිවයිනේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත, කෝවිඩ් -19 වසංගත අර්බුදය ඉදිරියේ රට ස්වයංපෝෂණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ශක්තිමත් කොටස්කරුවකු ලෙසින් සමාගම සම්බන්ධ කරන, සමාජ සත්කාර ගණනාවක් හා පාරිභෝගික වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, රටෙහි විවිධ ප්‍රදේශවල සිදු කරන පරිත්‍යාගයන් මෙන්ම, ප්‍රවාහනය සඳහා ගාස්තු අය කිරීමකින් තොරව සිය නිෂ්පාදන, නිවෙස්වලට ප්‍රවාහනය කිරීම පැල්වත්ත විසින් අරඹා තිබේ. එම වැඩසටහන් සමාජ සත්කාර අළලා ඔවුන්ගේ සුවිශාල කැපවීමෙහි කොටසක් ලෙසින් ක්‍රියාවෙහි නැංවේ.

“වගකිව යුතු ආයතනයක් විදිහට, පැල්වත්ත හැම විටම සමාජයට නැවත යමක් දිය යුතු යැයි කල්පනා කර තිබෙනවා. දැන් වෙන කවරදාටත් වඩා, එම දර්ශනය ක්‍රියාවෙහි යෙදවිය යුතු කාලයක් අපි ගෙවමින් සිටිනවා. මෙම වසංගත තර්ජනය අපගේ දූපතෙන් තුරන් කර දැමීමට, රජයට හා මෙම කටයුත්තෙහි පෙරමුණ ගෙන කටයුතු කරන පිරිසට පහසුකම් සැලසිය හැකි කුමන හෝ පියවරක් අපි  අනුගමනය කරනවා.” පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් හි කළමණාකාර අධ්‍යක්ෂ  අක්මල් වික්‍රමනායක සඳහන් කළේය.

ඒ අනුව සමාගම‍, ඇඳිරි නීති කාලය අතරතුර පාරිභෝගිකයින් සිටිනා ස්ථානවලට ම ප්‍රවාහනය කරන, ස්වකීය නිෂ්පාදන පෙළක් ඇතුළත්ව (සම්පූර්ණ යොදය සහිත කිරි/ බටර්/යෝගට්/අයිස් ක්‍රීම්) තෝරා ගත හැකි පැකේජ ගණනාවක් හඳුන්වා දී තිබේ. ප්‍රවාහනය සඳහා සමාගම කිසිදු මුදලක් අය නොකරයි. ඉකුත් සතියේ ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන ඉහළම සාර්ථකත්වයක් අත්කර ගත් අතර, ජනතාව රජයේ උපදෙස්වලට අනුකූල ව සමාජ දුරස්ථකරණය පවත්වා ගන්නා අතරෙහි ඔවුන්ට අත්‍යවශ්‍ය දෛනික කිරි නිෂ්පාදන සැපයීමට සමාගමට හැකි විය. https://www.facebook.com/PelwatteDairy/ වෙබ් ලිපිනය මගින් පාරිභෝගිකයින් හට නවත ම තොරතුරු සම්බන්ධයෙන් හා ප්‍රවාහන විස්තර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී.

“කොළඹ, ගම්පහ හා කළුතර යන ඉහළම අවදානමක් සහිත දිස්ත්‍රික්කයන් හි  කෝවිඩ්-19 වසංගතය මැඬලීමේ රජයේ වැඩසටහනට ප්‍රතිචාරයක් වශයෙන් අපි කිරි නිෂ්පාදන නිවෙස්වලට ප්‍රවාහනය කිරීමේ සේවාව දියත් කළා. පැල්වත්ත සමාජ මාධ්‍ය නාලිකා මගින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ඇණවුම් අප වෙත ලබා දීමට පුළුවන්. කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව එම නිෂ්පාදන ඔවුන් වෙත ප්‍රවාහනය කෙරෙනවා. නිවෙස්වලට ප්‍රවාහනය කිරීමේ කටයුතු මෙහෙයවෙන්නේ, පැල්වත්ත කැලණිය ගබඩාව මගිනුයි. නිවස්වලට ප්‍රවාහනය කරන පැකේජ, රු. 1500 සිට 5000 දක්වා මිල ගණන් යටතේ පවතිනවා. පාරිභෝගිකයින් හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයට හා ඔවුන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන පැකේජ 4 ක් එලෙස අපි පිරි නමනවා. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් හි සාමාන්‍යාධිකාරී ලක්සිරි අමරතුංග පැවසීය.

වර්තමාන සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින්, සෑම පූර්ව ආරක්ෂිත ක්‍රමවේදයක් ම සමාගම විසින් ගනු ලබන අතර, නිෂ්පාදන හා ප්‍රවාහන ක්‍රියාවලියේදී ඉහළ ම සනීපාරක්ෂක ක්‍රමවේදයන් ද  එහිලා අනුගමනය කරනු ලබයි. ස්වකීය කාර්ය මණ්ඩලය මෙන්ම මෙම ක්‍රියාවලියෙහි නිරත සෑම පාර්ශවයක් ම  ඉතා හොඳින් සුරක්ෂිත බවට එමගින් සහතික කෙරේ.

වගකිව යුතු සමාගමක් ලෙසින්, පැල්වත්ත මේ වන විට ඔවුන්ගේ සමාජ සත්කාර වැඩසටහන් ඔස්සේ, පරිත්‍යාග ගණනාවක්ද සිදු කර තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් වැනි මුල් පෙළේ ක්‍රියාකාරීන්ද, වසංගත තත්ත්වය හා ඇඳිරි නීතිය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අඩු ආදායම්ලාභීන් ද ඉලක්ක කර එය ක්‍රියාවට නැංවේ.

ඒ අනුව, පැල්වත්ත ප්‍රධාන නිෂ්පාදනාගාරයද පිහිටා ඇති, බුත්තල ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් හට කිරි පිටි තොගයක් පසුගියදා පරිත්‍යාග කෙරිණි. සිය පුද්ගලික සෞඛ්‍ය පිළිබඳ නොතකා සේවයෙහි නිරත වන පොලිසිය විසින් ගන්නා වෙහෙස මහන්සිය සලකා එම පරිත්‍යාගය සිදු කෙරිණි. මෙම මුල්පෙළ ක්‍රියාකාරිකයින් මසකට අධික කාලයක් කිසිදු විවේකයක් නොගෙන අඛණ්ඩව සේවයෙහි නිරත වී සිටිති.

ඊට අමතරව සමාගම, බුත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත විෂබීජ නාශක යන්ත්‍ර තුනක්ද පරිත්‍යාග කර තිබේ. එම යන්ත්‍ර බුත්තල බස් නැවතුම් පොළ අවට හා  අවදානම් සහිත අනෙකුත් ප්‍රදේශවල විෂබීජ හරණය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් යොදා ගැනේ.

බුත්තල ප්‍රදේශයේ දෛනික ආදායම් උපයන්නන් පිළිබඳව මෙන්ම, අඛණ්ඩ ඇඳිරි නීතිය නිසා හා ආදායම් මාර්ග අහිමි වීම නිසා ඔවුන් මුහුණ පාන හදිසි මූල්‍ය අර්බුද පිළිබඳවද පැල්වත්ත  අවධානය යොමු කර තිබේ.  එලෙස, අවධානය යොමු කළ සමාගම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි තොග, බුත්තල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පරිත්‍යාග කර තිබේ. බුත්තල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් වෙත බෙදා දුන් වියළි ආහාර මලුවලට එම කිරි පිටි පැකට් ඇතුළත් විණි.

පැල්වත්ත සමාගම, නිරතුරුවම මෙවැනි සමාජ සත්කාර ඔවුන්ගේ සමාගමේ දැක්ම ලෙසින් සලකනු ලබයි. ඉකුත් වසරවල උදාහරණ ලෙසින්, වතුකරයේ ජනතාව වෙනුවෙන් ආහාර සැපයුණු බදුල්ල දිස්ත්‍රික්කයේ සමාජ සංවර්ධන වැඩසටහන්ද, ඓතිහාසික යුදඟනාව රජමහා විහාරයේ පෙරහර වෙනුවෙන් හා ඓතිහාසික මාලිගාවිල විහාරස්ථානයේ පෙරහර වෙනුවෙන් වාර්ෂිකව කිරිපිටි පරිත්‍යාග කිරීම ආදියද සමාගම මගින් ක්‍රියාත්මක කළ සමාජ සත්කාර ගණනාවක් අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු ප්‍රධාන වැඩසටහන් ය.   

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *