Latest News Sinhala

නවතම Huawei Support App තුළින් ස්මාර්ට් දුරකථන ගැටළු සඳහා කදිම විසඳුම් රැසක්

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් සිය පරිශීලකයින් විසින් ස්මාර්ට් දුරකථන භාවිතයේදී මුහුණ දෙන විවිධ ගැටළු සඳහා විසදුම් සම්පාදනය කිරීම සහ එම ගැටළු නිරාකරණය කර ගත හැකි සියලුම ක්‍රම වේදයන් පිළිබඳ විස්තර ඇතුලත් කරමින් Huawei Support නමින් App එකක් හඳුන්වා දී ඇත. නවීන තාක්ෂණය භාවිත කරමින් දියුණු කර ඇති  Huawei Support  APP හරහා අවම කාලයක් සහ අවම පිරිවැයකින් ස්මාර්ට් දුරකතනයන්හි පැන නගින විවිධ ගැටළු ඉතා ඉක්මනින් හඳුනා ගැනීමේ අවස්ථාව පරිශීලකයින්ට හිමි වේ.

Huawei Support App මඟින් පරිශීලකයින්ට සේවා මධ්‍යස්ථාන වල කාලය නාස්ති කිරීමකින් තොරව online ක්‍රම වේදයක් හරහා ආරක්ෂිතව ස්මාර්ට්ෆෝන් ගැටළු පහසුවෙන් විසඳා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙම app හි  Smart Diagnosis හරහා ඉතා පහසුවෙන් දුරකතනයේ  software සහ  hardware පිළිබඳ ගැටළු, දුරකථන තිරයේ හට ගන්න විවිධ ව්‍යාකූලතා, බල පරිභෝජනය සහ charging සම්බන්ධ දෝෂ, Connectivity, ජංගම දුරකථන ජාලය අවහිරතා, පද්ධති බිඳ වැටීම්, App සහ කැමරා සම්බන්ධ ගැටළු ඇතුළු ඕනෑම ආකාරයේ ගැටළුවක් ඉතා ඉක්මනින් පරිශීලකයාට දැන ගැනීමේ අවස්ථාව හිමි වේ.   තවද Huawei Support App හි device center හරහා පරිශීලකයාට එකවර Huawei උපාංගයන් කිහිපයක් වුවද එකම ගිණුමක් හරහා කළමනාකරණය කර ගැනීමේ හැකියාව හිමි වේ. තවද App තුළ විවිධ තාක්ෂණික දීමනා සහ සේවා දිනයන් පිළිබඳ විස්තර ලබා ගැනීමේ කොටසක්ද දැක ගත හැක.

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ Huawei Support App යනු ඕනෑම software සහ hardware පිළිබඳ ගැටළුවක් සඳහා කදිම විසඳුම් සපයන්නා බවයි. ගණුදෙනුකරුවන්ගේ පහසුව පිණිස Huawei ආයතනය විසින් නිර්මාණය කරන ලද මෙම App එක භාවිත කර සුමට සහ විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක් ළඟා කර ගන්නා මෙන් සියළුම පරිශීලකයින්ට ආරාධනා කර සිටින ලෙසද හෙතෙම පවසා සිටී.

මෙවැනි විසදුම් රැසකින් සමන්විත Huawei Support App දැන් ඕනෑම අයකුට Huawei AppGallery හරහා ලබා ගත හැක.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *