Latest News Sinhala

අද්විතීය නිමාව සහ ඉහළ කාර්ය සාධනයකින් යුත් Huawei Nova 7i දැන් වෙළද පොළේ

අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 7i  ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 7i, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ෂණයක්  හිමි කර ගෙන ඇති අතර, එහි නිමාව බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ.

ආකර්ෂණීය මිලකින් වෙළද පොළ වෙත ඉදිරිපත් කර ඇති Huawei Nova 7i, Nova පවුලේ අනෙකුත් ස්මාර්ට් දුරකථන මෙන්ම භාවිතයට සහ අල්ලා ගැනීමට පහසු aluminum frame පදනම් කර ගනිමින් නිපදවා ඇත. දුරකතනයේ වීදුරු වක්‍ර දාර අලංකාර නිමාවක් දුරකතනයට  එක් කර ඇති අතර පහසු පරිශීලක අත්දැකීමක් හිමි කර දීමට සමත් වී ඇත. පික්සල් 1080 x 2310 resolution සහ 83.5% screen to body ratio සමඟින් එන Huawei Nova 7i හරහා දුරකථන ක්‍රීඩා සහ චිත්‍රපට නැරඹීමේදී පරිශීලකයාට වඩාත් පුළුල් අත්දැකීමක් හිමි වනු ඇත. අඟල් 6.4 ක් තරම් වූ Punch Full View තිරය දුරකතනයේ පෙනුම තව දුරටත් වර්ධනය කර ඇති අතර දුරකතනයේ ග්‍රෑම් 183ක් තරම් සැහැල්ලු බර සහ IPS LCD touch තිරය  භාවිත කරන්නාට සුමට අත්දැකීමක් හිමි කර දෙන දේ. 

Mobile gaming සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර 7i  ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින් කිසිදු ප්‍රමාදයකින් තොරව, වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 7i  භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ. 8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ. 

Lite-flagship මාදිලියේ  විශේෂාංග ඇතුළත් නවතම ජංගම දුරකතනය වන Huawei Nova 7i  හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා වලින් සමන්විත Quad AI කැමරා පද්ධතිය හේතුවෙන් ඉතා අලංකාර සහ විශිෂ්ඨ ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ.

නවතම  android 10 තාක්ෂණය  සහ  Huawei EMUI 10 සමඟින් නිපදවා ඇති Nova 7i මෑතකදී හඳුන්වා දුන් Huawei AppGallery අන්තර්ගත කර  පැමිණෙන නිසා  පරිශීලකයින්ට  තමන්ට අවශය පරිදි ආරක්ෂිතව Apps ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව හිමි වේ.  තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Sakura Pink, Crush Green සහ  Midnight black යන වර්ණ ත්‍රිත්වයකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 7i , වඩාත් අලංකාර පෙනුමකින්ද  යුක්ත වේ.  Huawei Nova 7i , දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්, දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *