Latest News Sinhala

නවතම Huawei MediaPad T5-10 දැන් වෙළද පොළේ

ජංගම දුරකථන උපාංග නිෂ්පාදනයේ නවොත්පාදකයා වන Huawei විසින් Tablet සඳහා ඇල්මක් දක්වන සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන්  පුළුල් තිරයකින් සහ පහසු නිමාවකින් යුතුව නිපදවන ලද Huawei MediaPad T5-10 පසුගියදා වෙළඳ පොළට නිකුත් කරන ලදී.  Huawei සමාගමේ අද්විතීය නිපැයුමක් ලෙස හැඳින්විය හැකි MediaPad T5-10, නව්‍ය තාක්ෂණික අත්දැකීම් රැසක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත රැගෙන එන අතර එහි වූ අසම සම විශේෂාංග සහ සුවිශේෂී නිමාව තරඟකාරී වෙළද පොළ තුල දැඩි කතාබහකට ලක් වී ඇත.

Huawei MediaPad T5 හි ආකර්ෂණීය metal body නිමාව සහ වක්‍රාකාර දාර ඉතා පහසු භාවිත කිරීමේ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙන අතර 1920 X 1200 resolution සහිත දීප්තිමත් 1080MP Full HD පුළුල් තිරයක් ඔස්සේ රූප නැරඹීමේ හැකියාව ලබා දේ. තවද MediaPad T5 හි ග්‍රෑම් 460 ක් පමණ වූ සැහැල්ලු නිමාව භාවිත කිරීමේ සහ රැගෙන යාමේ පහසුව සනාථ කරයි. 

මෙම අද්විතීය නිෂ්පාදනය පිළිබඳ සිය අදහස් දක්වමින් Huawei ශ්‍රී ලංකා මෙරට ප්‍රධානී පීටර් ලියූ මහතා පවසා සිටියේ උසස්ම තාක්ෂණය සමඟින් එන Huawei MediaPad T5-10 ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත  හඳුන්වා දීමට ලැබීම පිළිබඳ හෙතෙම සතුටට පත් වන බවයි. තවද Full HD Vivid Display සහ ඇසට පහසු නිමාවක් සමඟින් එන MediaPad T5-10 පාරිභෝගිකයින්ට පුළුල් කියවීමේ සහ නැරඹීමේ අත්දැකීමක් ලබා දෙන බව නිසැකයෙන්ම කිව හැකි බවද හෙතෙම පවසා සිටියේය.

Tablet පරිශීලකයින් වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකට පිළියමක් සපයමින් Huawei MediaPad T5 සඳහා 3GB RAM සහ  32GB ROM ඇතුළත් කර ඇත.  තවද  256 GBක් දක්වා microSD තුලින් මතක ධාරිතාවය වර්ධනය කල හැකි අතර octa-core processor මඟින් අවම බල පරිභෝජනයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් පරිශීලකයාට ලබා දේ. තවද පරිශීලකයින්ට ඉතා වේගවත් සහ සුමට අත්දැකීමක් ලබා දීම සඳහා EMUI 8.0, Huawei MediaPad T5 සඳහා අන්තර්ගත කර තිබීම සුවිශේෂී වේ. 

කිසිඳු අපහසුතාවයකින් තොරව වැඩි වෙලාවක් තිරය දෙස බලා සිටීමේ හැකියාව Huawei MediaPad T5හි Eye Comfort Mode මඟින් ලබා දී ඇති අතර, මේ හරහා ඕනෑ තරම් වෙලාවක් පරිශීලකයාට අවශ්‍ය පරිදි කියවීම, රූපරාමු නැරඹීම හෝ ක්‍රීඩා වල නිරතවීම යනාදිය සිදු කල හැකිය.  මීට අමතරව MediaPad T5හි ඇතුළත් Children’s Corner මඟින් කුඩා ළමුන්ට අවශ්‍ය ඉගෙනුම් සහය ලබා දීම සඳහා විවිධ apps හඳුන්වා දී ඇති අතර දරුවන්ගේ අන්තර්ජාල භාවිතය සීමා කිරීමේ පහසුවද දෙමව්පියන්ට හිමි වනු ඇත. මේ හේතුව නිසා MediaPad T5 කුඩා දරුවන්ටද සුදුසු නිපැයුමක් ලෙස හැඳින්විය හැක.

Sharing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *